21 වන සියවසට ගැලපෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විෂය මාලාව කෙසේ සකස් විය යුතුද?
The twelve 21st Century skills are:
- Critical thinking
- Creativity
- Collaboration
- Communication
- Information literacy
- Media literacy
- Technology literacy
- Flexibility
- Leadership
- Initiative
- Productivity
- Social skills
1. විවේචනාත්මක චින්තනය
2. නිර්මානශීලී බව
3. සාමූහිකබව
4. සන්නිවේදනය
5. තොරතුරු සන්නිවේදන සාක්ෂරතාවය
6.මාධ්‍ය සාක්ෂරතාවය
7.තාක්ෂණ සාක්ෂරතාවය
8.නම්‍යශීලීබව
9. නායකත්වය
10.මුලපිරීම
11. ඵලදායීබව
12. සමාජ කුසලතා
මෙම 21 වන සියවසට ගැලපෙන කුසලතා සහ අධ්‍යාපනයේ නව අරමුණු 6 ට ගැලපෙන අයුරින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විෂය මාලාව සකස් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ කතිකාවතක් ඇතිකර ගැනීම මෙහි අරමුණයි.
1. තිරසාර ජාතික සංවර්ධනය සදහා ක්‍රියාකාරී දායකයෙක්
2. සපලදායී හා කාර්යක්ෂම පුරවැසියෙක්
3. ව්‍යවසායකයෙක් හා ව්‍යවසායක මනසක් ඇති පුද්ගලයෙක්
4. දේශප්‍රේමී පුරවැසියෙක්
5. හොඳ මනුෂ්‍යයෙක්
6. ප්‍රීතිමත් පවුලක සාමාජිකයෙක්
දැනට පවතින අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම යාවත්කාලීන විය යුතු යුගයක අප දැන් සිටී,ශාස්ත්‍රීය දැනුම පාදක කරගත් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවෙන් ඔබ්බට ගොස් ආකල්ප සහ කුසලතාවන්ට මූලිකත්වය දෙන දැනුම පාදක කර ගත් වෘත්තිකයන් බිහිකරන සමාජයකට වඩා දැනුම මූලික ව්‍යවසායකයින් බිහි කරන සමාජයක් තැනීමට මූලික වන ශාස්ත්‍රීය දැනුමත් සමගම ආකල්ප කුසලතා සංවර්ධනය වන අධ්‍යාපන ක්‍රමයක් ඇති කල යුතුව ඇත.
ReplyDeleteදැනට පවතින විභාගය කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමය වෙනුවට දැනුම කුසලතා ආකල්ප සංවර්ධනයක් ඇති වන වෘත්තීය පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් ලෙස වෙනස් විය යුතුය.. සැමට අධ්‍යාපනය මෙන්ම සැමට වෘත්තියක්, රැකියා අවස්තාවන් උඋත්පාදනය වන අයුරින් අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි.
ReplyDeleteතම කුසලතා හඳුනාගනිමින්, තම පරිසරයේ සම්පත් හඳුනාගනිමින් ඒ්වාට වඩා වටිනාකමක් එක් කලහැකි චින්තනයන්ගෙන් යුත් පවුලට, ගමට, රටට ආදරය කරන දරු පරපුරක් නිර්මාණය කිරීම උදෙසා අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි.
ReplyDeleteඅධ්‍යාපනයේ අවසාන පරමාර්ථය රටක සමස්ත සංවර්ධනයයි.අධ්‍යාපනය තුළින් රට සංවර්ධනය කිරීමට නම් අධ්‍යාපනය වෘත්තීය කේන්ද්‍ර විය යුතුයි . සියළු දරුවන්ට ගුණාත්මක ප්‍රාථමික අධ්‍යාපනය ක් ලබා දිය යුතුය. ඒ අතර තුර දරුවන් ගේ සහජ හැකියාවන්, ලැදියා ,කුසලතා අනුව දරුවන් ට ගැළැපෙන වෘත්තීය ක් තෝරා ගැනීමට හැකි වන සුදුසු විද්‍යාත්මක ක්‍රමයක් සකස් කළ යූතු ය. 8 ශ්‍රේණි යේ සිට ගැළැපෙන වෘත්තීය අධ්‍යාපනය ක් තෝරා ගැනීමට අවස්ථාව දිය යුතුය. ඒ අතරම දරුවාගේ සමාජ යහ පැවැත්මට වැදගත් වන ඉංග්‍රීසි භාෂා ව,පරිගණක හැකියා මෙන්ම මෘදු කුසලතා දරුවන් තුළ සංවර්ධන කළ හැකි වැඩ පිළිවෙළක් සැකසිය යුතුය.
ReplyDeleteවිශය මාලාව හැදෑරීම තුලින් අනාගතයේ රැකියා සොයා දුශ්කර නම් ....උපාධි ධාරීන් රැකියා නොමැතිව .....රජයේ රැකියා ලබාදෙන මෙන් උපවාස කිරීම අනඅනාගතයේදීත් සිදුවන්නේ නම් එවැනි විශය මාලාවක් නැවත කරලියට ගෙනඒමේ තේරුමක් නැත....එසේනම් රැකියා වෙලඳ්පොල හා බද්ද වවන විශය මාලාවක් තමා ඕනේ ...මොනවාද සුලබ රැකියා ......කර්මාන්ත සදහා පුහුණු ශ්‍රමිකයන් ,ඉදිකිරීම් අංශය ,නාවික අංඅංශය,ඇඟ්ලුම් ක්ශේත්‍රය , IT, සංචාරක ක්ශේත්‍රය ,මේ කෘෂි නිශ්පාදන අපනයනය ,විදුලිබල අංශය තව මේවගේ තව ගොඩක් තියෙනවා මේ විශයන් හැදෑරීම සදහා අවස්ථාව තිබිය යුතුය ..ඒක ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව සිදුවිය යුතුයි ....10 ශ්‍රේණියෙන් පටන් ගෙන AL සහ උපාධි මට්ටම දක්වා යායුතුයි ..ඉංග්‍රිසි සමග වියයුතුයි ..A/L Arts කරන අය සදහා technology subject එකක් අනිවාර්යය කල යුතුයි ....(ඉහලින් දක්වා ඇති ක්ෂේත්‍ර වල )සාහිත්‍යය ඕනේ තමා ඒත් සිංහල ,පොලිටිකල් ,sociology ,B.C.වගේ විශයන් වලින් උපාධි ගත්තා කියලා කොරන්ඩ පුලුවන් රස්සාව මක්කෙයි ...එම විශය සංයෝජන බදවාගැනීම් සීමා කල යුතුයි ..ඒවා සදහා බඳවා ගත යුත්තේ ඉහල ලකුණු ලැබූවන් ....හැබැයි ගන්නේ ටිකයි ....ඔය මොනවා කලත් භාශාව සහ ගනිතය පොඩි කාලෙදි හොදට උගන්වන්න ඕනේ ...සිංදුකියන්න,නටන්න චිත්‍ර අදින්න පුරුදු කරන්නත් ඕනේ ...කවි ගීත රස විදින්නත් ඕනේ ක්‍රීඩා Cadet ,scout ...මේවා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ උසස් පෙළ දක්වාම ...ඔන්න කෙටියෙන්ම කිව්වා ...ශාස්ත්‍රීය භාශාවට දාගෙන සංජානනය කරගන්න
ReplyDeleteවිසි එක්වන සියවසේ ගෝලීය අධ්‍යාපන අභියෝග ජය ගැනීමට නම් විෂය මාලාව ,ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය, හා තක්සේරුකරණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුයි .
ReplyDeleteමේ තුළින් වඩාත් හොඳ විෂය මාලාවක් වඩාත් හොඳ ඉගැන්වීම් ක්‍රමයක් හා වඩාත් හොඳ පරීක්ෂණ ක්‍රමයක් තුළින් විසි එක්වන සියවසේ සිසුන්ට අවශ්‍ය කුසලතා කරා ළඟාවීමට ළඟාවීමට හැකි වෙයි .විසි එක්වන සියවසේ නිපුණතා ඵලදායි ඵලදායී වීමට නම් මෙම අංග එකමුතුව ක්‍රියාත්මක කළ යුතුයි.එසේ නොවුණහොත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීම ප්‍රතිඵල දායක නොවනු ඇත.
එම නිසා, විෂයමාලාව නිරන්තරව කුසලතා හා දැනුම පදනම් කර ගත කරගත් ප්‍රායෝගික යථාර්ථවාදී අත්දැකීම් සහිත විය යුතුයි.
වඩාත් හොද ඉගැන්වීම් ක්‍රමයක් සඳහා කුසලතා කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් ගුරු පුහුණුව නිරන්තරව යාවත්කාලීන කළ යුතුයි.
වඩාත් හොඳ පරීක්ෂණ ක්‍රමයක් සඳහා සිසුන් පන්ති කාමරයේ දී සාක්ෂාත් කරගන්නා කර ගන්නා දේ හෝ නොකළ දේ ගැන තක්සේරු කිරීම සඳහා විශ්වාසනීය හා වඩා සාධාරණීයකරණය වූ තක්සේරු ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතුයි .
දූෂණය ,අධිපාරිභෝගිකත්වය,උග්‍ර ආත්මාර්ථකාමිත්වය,ඉක්මවා ගිය ප්‍රජා හා සමාජ වගකීම් කින් යුත් යහපත් පුරවැසියෙක් බිහිකිරීම සදහා අවශ්‍ය මානසික පසුබිම දරුවන් තුල ඇති කල හැකි වැඩපිළිවලක් සෑම විෂය නිර්දේශයක් තුලම වක්‍රාකාරයෙන් දිවෙන පරිදි විෂය නිර්දේශය සකස් කල යුතුය.සෑම රැකීරක්ෂාවක්ම වටිනා බවත් තමා කරන කාර්යය නිවරදිව කිරීම සහ සෑම කාර්යයකදීම අභ්‍යන්තර විනයක් සහිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි පුද්ගලයකු බිහිකිරීම කෙරෙහි අවධානය යොමු කල යුතුය.
ReplyDeleteවිභාග ක්‍රමය, විෂයමාලාව, ඉගැන්වීමේ ක්‍රම ආදිය වෙනස් වෙන අතරේ ම සමස්ත ගුරු ප්‍රජාව පාසලේ දී මුහුණ දෙන අනේකවිධ ගැටලු පිළිබඳවද සලකා බැලීම අත්‍යාවශ්‍ය කරුණකි. රජයේ පාසල් වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කරගෙන යාමේදී මතුවන මූල්‍යමය ගැටලු පිළිබඳව රජයේ වැඩි අවධානයක් යොමු කළ යූතුය.. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාසල තුළදී ක්‍රියාත්මක කිරීමේදී පාසල ඒ සඳහා සූදානම් කිරීම මූලික වශයෙන්ම සිදු කළ යුතු කාර්යයක් වන අතර එසේ නොවුණහොත් නැවත පැරණි ක්‍රමයටම ලිස්සායාම නොවැළැක්විය හැකිය.. එමෙන්ම රජයේ වියදම් වලින් සැලකිය යුතු කොටසක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම ඉතා වැදගත්ය.. එවිට ඇත්ත වශයෙන් මෙය වියදමක් නොව ආයෝජනයක් බවට පත් කරගත හැකිය..
ReplyDelete1. Initially teach all subjects to all the students specifically aesthetic and allow them to select best for them later (at grade 8 like)
ReplyDelete2. Add new subjects such as entrepreneurship Business management, Human resources , Production management and technical subjects.
3. Encourage to develop new technologies, methodologies etc. Provide facilities to commercialised new developments
4. Arrange site visits to factories (like AL students) and other places to get some idea about the jobs. Teach students that all jobs are equal important